COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(28) නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) කැඳවා තිබුණි.
පැය 05ක පමණ කාලයක් එහි රැඳී සිටි හිටපු අමාත්‍යවරයා පැවසුවේ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව යළිත් ප්‍රකාශයක් ලබා ගත් බවය.
සමගි ජන බලවේගය පක්ෂයේ උපසභාපති, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සමගයි.
සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,
මේ මන්ත්‍රී දඩයම නතර කරන්න අපි හැමෝම එක්කහුවෙලා නීත්‍යානූකූලව දඩයම් කරමු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුණු අයව. මහ මොළකරුවන් ටික අපි හොයමු. අද කොරෝනා ඇඳන් නැ.හැ දැඩි සත්කාර ඇඳන් නැහැ හිතාමතාමද දන්නේ නෑ පී.සී.ආර් පරීක්ෂණ අඩු කරලා තියෙනවා. ඒ වගේම විශේෂඥවරුන් කියනවා මේ අලුත් ප්‍රභේද එහෙමත් නැත්නම් වෙරියන්ස් ඒවා පී.සී.ආර්. පරීක්ෂණවලට අහුවෙන්නෙත් නෑ කියලා. ඒවා ගැන බලන්නේ නැතුව හරීන් ෆර්නැන්ඩෝව දඩයම් කරන්න හදනවා.
පැය 05 ක පමණ කාලයක් ප්‍රකාශය ලබාදීමෙන් පසුව හරීන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණියේ ය.
සමගි ජන බලවේගයේ උපසභාපති හරීන් ප්‍රනාන්දු මහතා,
මම හතර වතාවක් මේ වෙනකොට කට උත්තර දීලා තිබුණා කටයුත්තක් සම්බන්ධයෙන් මං හිතනවා කිසිම වැදගත් තොරතුරක් නෙවේ. නිකම් රස්තියාදු කිරීමකට 05 කට අධික කාලයක් පොලීසිය විසින් රඳවාගේන ප්‍රශ්න ඇහුවා. දේශපාලනය කරන සමහර දේශපාලනඥයින්ට මේ තනතුරුවලට ආවම ගොඩක් දේවල් අමතක වෙනවා. මොකද මේ.තනතුරුත් දාලා යන්න වෙනවා කියන එක මතක තියාගන්න ඕනේ. මං මේ වෙලාවේ විශේෂයෙන්ම සරත් වීරසේකර මහත්තයාට කියනවා මම ආසයි මේ නාලිකාවක කරන්න සරත් වීරසේකර මහත්තයයි මාවයි ආරාධනා කරන්න පාස්කුව සම්බන්ධයෙන් වෙච්ච පාර්ලිමෙන්තුවේ කියපු කතා සම්බන්ධයෙන් මම එතුමාට විවෘත්තව වේදිකාවකට ආරාධනා කරනවා කරුණු සාකච්ජා කරමු නිකම් පොලීසිවල දාලා මාව නිකම් රස්තියාදු කරනවාට වඩා නිකන් පාර්ලිමේන්තුවේ කරන චණ්ඩි කතාවලට වඩා එන්න ඕනම නාලිකාවක ප්‍රසිද්ධ විවාදයකට එන්න ඔබතුමා කැමති කෙනෙක් අරන් එන්න අපිට තියන කරුණුත් එක්ක අපි සාකච්ඡා කරමු අපි රටක් හැටියට බුද්ධිමත් සංවාදයක් කරමු.