සරසවි ආචාර්යවරුන් වර්ජනයක

සරසවි ආචාර්යවරු ත් අද (28) ඔන්ලයින් දේශනවලින් ඉවත් වෙති

by Staff writer 28-07-2021 | 7:57 AM

COLOMBO (News1st) :  ඔන්ලයින් ඔස්සේ දේශන පැවැත්වීමෙන් අද (28) දිනයේ ඉවත්වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබේ.

එම සංගමය මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී ඇත්තේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත හකුළා ගන්නැයි බලකරමිනි.