සංචාරක කේෂ්ත්‍රය ප්‍රවර්ධනයට සුදානම්- වානිජ මණ්ඩලය

සංචාරක කේෂ්ත්‍රය ප්‍රවර්ධනයට සුදානම් බව වානිජ මණ්ඩලය ජනපතිට කියයි

by Staff writer 28-07-2021 | 3:34 PM

COLOMBO (News1st) : එන්නත්කරණය සමග රට සාමාන්‍යකරණයට පත්වනවාත් සමගම සංචාරක ක්ෂේත්‍ර ප්‍රවර්ධනයට සූදානම්ව සිටින බව ලංකා වාණිජ මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දුන්නේ ය.

වාණිජ මණ්ඩලයට අලුතින් තේරී පත්වූ නිලධාරී මණ්ඩලය සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී එම නිලධාරීන් ජනාධිපතිවරයාට මේ බව සඳහන් කර තිබේ. ලොව සෙසු රටවලට සාපේක්ෂව එන්නත්කරණය මගින් රට වේගයෙන් යථා තත්ත්වයට රැගෙන ඒමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ වාණිජ මණ්ඩල නිලධාරීන්ගේ පැසසුමට ලක් විය. බ්‍රිතාන්‍ය සමග නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹ අපනයන අවස්ථා පුළුල් කිරීමට ඇති හැකියාව පිළිබඳව වානිජ මණ්ඩලය නිලධාරීන් මෙහිදී ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.