රිය අනතුරුවලින් 10 දෙනෙකු මහ මගට බිලි

රිය අනතුරුවලින් 10 දෙනෙකු මහ මගට බිලි

by Staff writer 28-07-2021 | 10:25 AM

COLOMBO (News1st) :  ගතවූ පැය 24 තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 10 දෙනකු මිය ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මියගිය පිරිසෙන් 6 දෙනකු යතුරු පැදිකරුවන් බවයි. රිය අනතුරුවලින් බහුතරයක වින්දිතයන් වන්නේ යතුරු පැදිකරුවන් සහ පදිකයන් බව ද පොලිසිය පැවසී ය. රථ වාහන 83000 කට ආසන්න සංඛ්‍යාවක් මෙරට මාර්ගවල ධාවනය වන අතර ඉන් වැඩි සංඛ්‍යාවක් යතුරු පැදි බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, රිය අනතුරු වළක්වා ගැනීම සඳහා යතුරු පැදිකරුවන් ඇතුළු කුඩා වාහන පදවන පුද්ගලයන් ආරක්ෂිතව රිය ධාවනය කළ යුතු බවත් ,මාර්ග නීතිවලට අනුගතව කටයුතු කළ යුතු බවයි.