"ශක්තිමත් ආර්ථිකයක් හදන්න කැපවෙනවා"

රට ඉදිරියට ගෙන යාමට සහ ශ්‍රී ලාංකිකයින් සඳහා ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමට කැප වෙනවා - ජනපති

by Staff writer 28-07-2021 | 8:28 PM

COLOMBO (News 1st) - තම රජය ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා ඩොලර් බිලියනයක් ඊයේ (27) දිනයේ ගෙවා ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, වසංගතය සමග පොරබදමින් රට ඉදිරියට ගෙනයාමට සහ ශ්‍රී ලාංකිකයින් සඳහා ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමට කැප වී සිටින බවය.