යළිත් බස්නාහිර පළාතේ කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක් - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

by Staff writer 28-07-2021 | 8:47 PM

COLOMBO (News 1st) - මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා තිබේ.

අද දිනයේ අලුතින් ආසාදිතයින් 1,380ක් වාර්තා වූ අතර ඒ සමග සමස්ත ආසාදිතයින් ගණන තුන්ලක්ෂ එක්දහස් දෙසිය හැත්තෑ දෙකක් දක්වා ඉහළ ගොස් ඇත. අද දිනයේ සුවය ලැබූ ආසාදිතයින් ගණන 1,499 කි.

? කොවිඩ් එන්නත්කරණය..

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,460 ක් ලබන සෙනසුරාදා පස්වරුවේ දිවයිනට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කොවැක්ස් පහසුකම යටතේ ජපානයෙන් ප්‍රධානයක් ලෙස එම එන්නත් මාත්‍රා තොගය ලැබෙනු ඇති. ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව බලාපොරොත්තුවෙන් සිටින 490,000 ට පළමුව මෙම එන්නත් ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

? ඩෙල්ඩා ප්‍රභේදයේ තත්ත්වය..

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, ඩෙල්ටා ප්‍රභේදය අනෙකුත් කොවිඩ් ප්‍රභේදවලට වඩා වේගයෙන් පැතිරෙන බවය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් 19 තාක්ෂණික කමිටුවේ ප්‍රධානී, වෛද්‍ය මාරියා වෑන් කර්ක්හෝව්,
අපි සෑම අවස්ථාවකම සිතිය යුතුයි සෑම ක්‍රියාවකම ප්‍රතික්‍රියාවක් ඇති බව. මේ හැම දෙයක්ම රැඳී ඇත්තේ ඔබ වටා ඇති වෛරස් ව්‍යප්තිය මත කියන කාරණය ඇත්ත. කොවිඩ් 19 ඩෙල්ඩා ප්‍රභේදය ඉතා භයානකයි. යුරෝපය පුරා පැතිරුණ ඇල්ෆා ප්‍රභේදයට වඩා මෙය ව්‍යාප්ත වීම වැඩියි. අපි දකිනවා යුරෝපය වගේම අනෙකුත් රටවලත් ආසාදිතයින්ගේ ගණන අඩුවන අතරේ මහා පරිමාණයේ ක්‍රියාකාරකම් සිදුවෙනවා. ක්‍රීඩා ඉසව් වෙන්න පුළුවන්, ආගමික උත්සව වෙන්න පුළුවන්, නිවසේ සාදයක් වෙන්න පුළුවන්. මේ හැම ක්‍රියාකාරකමකටම ප්‍රතිවිපාක තියෙනවා. විශේෂයෙන් එන්නත් ලබාගෙන නැති අය අතර මේ ප්‍රභේදය ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද, මේ වෙනකොට ඩෙල්ටා ප්‍රභේදයේ වැඩිවීමක් තියෙනවා කියන දේ අධ්‍යනය කරලා තියෙනවා. රෝගීන් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ රෝගීන් අතරේ ඩෙල්ටා ප්‍රභේදය වැඩි වුණු රෝගීන් ප්‍රමාණයත් සැලකිය යුතු ප්‍රමාණයත් ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා යළිත් බස්නාහිර පළාත් කේන්ද්‍ර කරගෙන කොවිඩ් රෝගීන්ගේ වර්ධනය වීමක් සිදු වෙනවා. ඒ සඳහා ප්‍රබල අවධානයක් රටේ ජනතාව යොමු කරන්න ඕනේ.
මේ අතර පූර්ණ එන්නත්කරණයට ලක් වූ අමෙරිකානුවන් පොදු ස්ථානවලදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ. අමෙරිකානු රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය පැවසුවේ, පාසල් දරුවන් හා ගුරුවරුන් එන්නත් ලබා නොගත්ත ද මුව ආවරණ පැළඳීම අනිවාර්යය බවය. ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ වනවිට එරට ආසාදිතයින් යළි ඉහළ යමින් තිබේ. ගත වූ පැය 24 තුළ එරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 59,166 කි.