ගුරු - විදුහල්පති ඔන්ලයින් වර්ජනය තවදුරටත්...

ගුරු - විදුහල්පති ඔන්ලයින් වර්ජනය තවදුරටත්... සඳුදා සිට සේවයට වාර්තා කිරීමට සුදානම් වන්නැයි අගමැතිගෙන් දැනුම්දීමක්

by Staff writer 28-07-2021 | 8:40 AM

COLOMBO (News1st) : ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව සහ ගුරු විදුහල්පති සේවය සංවෘත්ත සේවාවක් බවට පත් කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්විමෙන් අනතුරුව ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සමග ඊයේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ලබන සඳුදා සිට සේවය කිරීමට සූදානම් වන ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදි ගුරු විදුහල්පති වෘත්තීය සංගම් වෙත දැනුම් දුන් බවයි. මේ අතර ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 17 වැනි දිනටත් ක්‍රියාත්මක වේ. ගුරු සංගම් පවසන්නේ ඊයේ දිනයේදී සිය වැටුප් විෂමතා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රධානත්යෙන් ඊයේ පැවති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වූ බවයි