උදයංගගේ රුසියානු සංචාරක සැලසුම කුමක්ද?

උදයංගගේ රුසියානු සංචාරක සැලසුම කුමක්ද?

by Staff writer 28-07-2021 | 10:33 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවට සංචාරකයින් ගෙන්වා ගැනීමට එකාබද්ධ ප්‍රවර්ධන වැඩපිළිවෙළක් සංචාරක සංවර්ධන අධිකාරිය, සංචාරක ප්‍රවර්ධන කාර්යංශය, සංචාරක සංවිධායකයින් හා ගුවන් සමාගම් එක්ව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

අගෝස්තු මස 01 වැනි දින සිට මෙම විශේෂ ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය. සංචාරක හෝටල්, ගුවන් සමාගම් හා සංචාරක සංවිධායකයින්ට ලබා දිය හැකි සහන පැකේජ වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපාය මාර්ගික සැලසුම් පිළිබඳව ද ඊයේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී අවධානය යොමු වී ඇත. කොවිඩ් තත්ත්වය හේතුවෙන් රටවල් 21ක් ශ්‍රී ලංකාවට සංචාරය කිරීම තහනම් කර ඇති අතර එම රටවල සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණිම සඳහා පනවා ඇති සීමා ඉවත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය සමග එක්ව කටයුතු කිරීමට ද සංචාරක අමාත්‍යාංශ තීරණය කර තිබේ.
රුසියාවෙන් සංචාරකයින් ගෙන්වීමේ සැලැස්ම ඊයේ මාධ්‍ය හමුවකදී පැහැදිලි කළ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා, රුසියාවේ අද 20% ක ට අඩු ප්‍රමාණයක් තමයි වැක්සින් ලබාගෙන තිබෙන්නේ. ඔවුන් ලබා ගන්න කැමැති නැහැ. ඔවුන්ට දැන් බලකරනවා රුසියානු ආණ්ඩුව ලබා ගන්න කියලා. ඔවුන් කියන්නේ මේක සාමාන්‍ය උණක්, මේ ගැන එච්චර බය වෙන්න දෙයක් නැහැ නමුත්, ඒගොල්ලන්ගෙ ගොඩක් අයට හැදිලා තියෙනවා, ප්‍රතිශක්තිය ඇග ඇතුළේ තියෙන හින්දා කරන්නේ නැහැ කියලා. ඒ රටේ සියයට විස්සයි නම් වැක්සින් කරලා තියෙන්නේ, කොහොමද අපි ෆ්ලයිට් එකක් පුරවන්නෙ සියයට සියයක් වැක්සින් කරපු අය. අමාරුයි.. අද ශ්‍රීලංකන් එයාර්ලයින් ජාතික කර්තව්‍යයක් විදිහට රුසියානු සංචාරකයින් ගේන්න මේ සතියේ 30 වෙනිදා ලංකාවෙන් ගිහිල්ලා පලවෙනි ගුවන් යානය එනවා ජූලි 31 වෙනි දා. අගෝස්තු පළවෙනිදා උදේ 6:00 ට පළමු ගුවන් යානාව එනවා නැවත ශ්‍රී ලංකාවට ෆ්ලයිට් 4 ක් සතියකට එන්නේ. එක ගුවන් යානයකින් සාමාන්‍යයෙන් average එකක් විදියට 250ක් ආවොත්, සතියකට අපිට රුසියානු සංචාරකයින් දාහක් විතර ගේන්න පුළුවන්. ඒක හොඳ ආරම්භයක් කියලා හිතනවා.