ඇස්ට්‍රසෙනිකා තොගයක් සෙනසුරාදා මෙරටට

ඇස්ට්‍රසෙනිකා එන්නත් මාත්‍රා 728,460ක් ලබන සෙනසුරාදා මෙරටට

by Staff writer 28-07-2021 | 6:52 PM

COLOMBO (News 1st) - ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,460ක් ලබන 31 වැනි සෙනසුරාදා පස්වරුවේ දිවයිනට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

කොවැක්ස් පහසුකම යටතේ ප්‍රදානයක් ලෙස එම එන්නත් මාත්‍රා තොගය ලැබෙනු ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා අවධාරණය කළේය.