අගමැති අමරපුර නිකායේ මහ නාහිමි බැහැදකී

අගමැති අමරපුර මහා නිකායේ මහ නාහිමියන් බැහැදකී

by Staff writer 28-07-2021 | 8:34 PM

COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(27) පස්වරුවේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි මහ නාහිමියන් බැහැදැක තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ, රාජගිරිය, කලපලුවාව, තපෝවන භාවනා මධ්‍යස්ථානයට ගිය අග්‍රාමාත්‍යවරයා මහ නාහිමියන්ට පිරිකර පූජා කර සුවදුක් විමසූ බවය. පාසැල් දරුවන්ගේ අතපසු වූ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම මෙන්ම දරුවන්ගේ ආරක්ෂාව සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව ද මෙහිදී අභිනව මහ නාහිමියන් පෙන්වා දී ඇත.