by Staff writer 28-07-2021 | 8:31 AM
COLOMBO (News1st) : පූර්ණ එන්නත්කරණයට ලක්වූ අමෙරිකානුවන් පොදු ස්ථානවලදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ.
අමෙරිකානු රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය පැවසුවේ, පාසල් දරුවන් හා ගුරුවරුන් ද මුව ආවරණ පැළඳීම අනිවාර්ය බවයි.
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට එරට ආසාදිතයින් යළි ඉහළ යමින් තිබේ.
විදෙස් වාර්තා අනාවරණ කළේ, අමෙරිකාවෙන් වාර්තා වන නව ආසාදිතයින්ගෙන් 80% ක් කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් වාර්තා වන බවයි.
එවැනි තත්වයක් තුළ මුව ආවරණ පැළඳීම හා ශීඝ්‍ර එන්නත්කරණය තුළින් සංචරණ සීමා හා ලොක්ඩවුන් තත්ත්වයන්ට නැවත යොමු නොවීමට කටයුතු කළ යුතු බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පෙන්වා දෙයි.
ඔහු පැවසුවේ යළිත් පෙර තත්ත්වය රට පත් නොකළ යුතු බවයි.
අමෙරිකාවෙන් ගත වූ පැය 24 තුළ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 59,166 කි.
ඒ අනුව එරට සමස්ත ආසාදිතයින් 35,353,923 දක්වා ඉහළ ගොස් තිබේ.
අමෙරිකාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 6 27,338 කි.