ළමුන් මෙහෙකාර සේවයට යොදා ගන්නා ස්ථාන සොයා මෙහෙයුම්

ළමුන් මෙහෙකාර සේවයට යොදා ගන්නා ස්ථාන සොයා අද සිට පොලිස් මෙහෙයුම්

by Staff writer 27-07-2021 | 8:32 AM

COLOMBO (News1st) :  ළමයින් මෙහෙකාර සේවයේ යොදා ගන්නා ස්ථාන සොයා අද (27) සිට මෙහෙයුම් ආරම්භ කිරීමට පොලිසිය තීරණය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ කොළඹ නගරය හා බස්නාහිර පළාත තුළ අද දිනයේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි. ළමයින් මෙහෙකාර සේවයට රැගෙන එන තැරව්කරුවන්ට ද මෙහිදී නීතිය ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේ ය.