රත්නපුරෙන් මි. 200 ක් වටිනා මැණිකක් මතුවෙයි

රත්නපුරෙන් අමෙරිකානු ඩොලර් මි. 200 ක් වටිනා මැණිකක් මතුවෙයි

by Staff writer 27-07-2021 | 4:37 PM

COLOMBO (News1st) :  අමෙරිකානු ඩොලර් මිලියන 200 කට අධික වටිනාකමින් යුත් ආර්නූල් වර්ගයේ මැණිකක් රත්නපුර ප්‍රදේශයෙන් හමු වී තිබේ.

ජාතික මැණික් හා ස්වර්ණභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා සඳහන් කළේ, කිලෝග්‍රෑම් 510 ක බරින් යුත් එම මැණික සඳහා මේ වනවිටත් විදේශීය ගැනුම්කරුවන් ලංසු ඉදිරිපත් කර ඇති බවයි.