මුඛ පිළිකා රෝගීන් සංඛ්‍යාව 9 ගුණයකින් ඉහළට

මුඛ පිළිකා රෝගීන් සංඛ්‍යාව 9 ගුණයකින් ඉහළට

by Staff writer 27-07-2021 | 7:55 AM

COLOMBO (News1st) :  ගෙවුණු දශක දෙක තුළ මෙරට මුඛ පිළිකා රෝගීන් සංඛ්‍යාව 9 ගුණයකින් ඉහළ ගොස් ඇති බව ජාතික පිළිකා මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ජානකී විදානපතිරණ මහත්මිය පැවසුවේ, සෑම වසරකම නව මුඛ පිළිකා රෝගීන් 2700 ක් වාර්තා වන බවයි. අදට යෙදෙන හිස හා ගෙල ආශ්‍රික පිළිකා දිනය මෙවර වෙන් කර ඇත්තේ ද මුඛ පිළිකා තුරන් කිරීම වෙනුවෙනි. ප්‍රජා වෛද්‍ය විශේෂඥ ජානකී විදානපතිරණ මහත්මිය ප්‍රකාශ කළේ, සුවැති මුවකට පුවක් නවතමු. යන තේමාවෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බවයි.