මැතිව්ට ඔලිම්පික් ගිලිහෙයි

මැතිව් අබේසිංහට ඔලිම්පික් මූලික වටයේ තරගයේදී 08 වැනි ස්ථානය

by Staff writer 27-07-2021 | 9:20 PM

COLOMBO (News 1st) - මැතිව් අබේසිංහ, 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙළේ සහභාගී වූ මූලික වටයේ තරගයෙන් 8 වැනි ස්ථානයට පත් විය.

ඔහු තරග කළේ, පිරිමි මීටර් 100 නිදහස් ආර පිහිනුම් ඉසව්වෙනි. මැතිව් එහිදී තත්පර 50යි දශම 6යි 2 ක කාලයක් සටහන් කළේ ය. හොංකොංහි යෙන්ටු හෝ යි එහි ප්‍රථම ස්ථානය දිනා ගත් අතර තත්පර 49යි දශම 4යි 9කින් ඔහු තරගය අවසන් කළේය.