"මගේ අයියව නිදහස් කරලා දෙන්න"

"මගේ අයියව නිදහස් කරලා දෙන්න" - අර්ජුන් කමලනාත්

by Staff writer 27-07-2021 | 11:00 PM

COLOMBO (News 1st) - සිව්වසරක සිරදඬුවම් විදින ජනප්‍රිය රංගන ශිල්පි රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දෙන්නැයි ඉල්ලමින් කලාකරුවන් අද(27) කොළඹදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වා තිබේ.

රංගන ශිල්පි අර්ජුන් කමලනාත් මහතා,
මේ ආණ්ඩුව අපි ගෙනාපු ආණ්ඩුව. මම, අනූෂා සල්ලි අරගෙන නෙමෙයි දේශපාලනය කළේ, මේ ආණ්ඩුවට අතින් වියදම් කරගෙන රට වෙනුවෙන්. ඒ නිසා අපිට අයිතියක් යුතුකමක් තියෙනවා මේ වෙලාවේ අපේ කලාකරුවෙක් වෙනුවෙන් අපිටත් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන්න. එකම ඉල්ලීමයි කරන්නේ මම, මට මගේ අයියව නිදහස් කරලා දෙන්න.
රංගන ශිල්පිනී අනූෂා දමයන්ති,
අපි ඔහු කරපු සියලු දේ සාධාරණීකරණය කරන්න යන්නේ නෑ. හැබැයි මම හිතනවා ඔහු දේශපාලනේදී සහ කලාවේදී හිතුවක්කාරයෙක් හිතුවක්කාරකමට කරන බොහෝ දේ තියෙනවා. සමහර වෙලාවට වැරදි කරන එක මනුස්ස ගතියක් සමාව දෙනඑක දේව ගතියක්
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය,
මට රෑට නිදා ගන්න කොට මගේ ඇදේ මට හිතෙනවා රන්ජන් මේ වෙලාවේ කොහොමද නිදාගන්නවා ඇත්තේ කියලා හරිම දුකක් දැනෙනවා සුන්දර හදවතක් තිබුණ මනුස්සයෙක් නීතිය සම්බන්ධව වචන පේලියක් නිසා අපි නොහිතපු විදිහට අවුරුදු 4ක් සිරගතට ‍වෙන්න සිද්ධ වෙලා තියෙනවා. හරිම කණගාටුදායක තත්ත්වයක් ගොඩක් දේවල් කරන්න බෑ කරන්න පුළුවන් එකමදේ ජනාධිපතිතුමාගනේ ඒ වෙනුවෙන් ජනාධිපති සමාවක් ලබා ගැනීමට ආයාචනයක් කිරීම පමණයි
ප්‍රවීණ රංගන ශිල්පිණී දිල්හානි අශෝකමාලා,
කලාකාරයෝ හැටියට අපි අසරණයි මෙතනින් එහාට අපිට කරන්න දෙයක් නෑ පුළුවන් මේ විදිහට එකතු වෙලා ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරගන්න එක විතරයි.
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් ටී. පෙරේරා,
රන්ජන් රටට අවශය කලාකාරයෙක්. අවංක සාධාරණ බොරුව නැති නිහතමානී කලාකරුවෙක් අපි හැම කෙනාම එයාව රැකගන්න ඕනා මේක රටට අවශ්‍ය සම්පතක්