ගුරු වෘත්තිය සමිති හා අධ්‍යාපන ඇමති අතර සාකච්ඡාවක්

ගුරු වෘත්තිය සමිති හා අධ්‍යාපන ඇමති අතර විශේෂ සාකච්ඡාවක්

by Staff writer 27-07-2021 | 8:10 AM

COLOMBO (News1st) :  ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත ගුරු විදුහල්පති වෘත්තීය සමිති හා අධ්‍යාපන අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් අද (27) පැවැත්වීමට නියමිතයි.

ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ, ඉන් තම ගැටලුවලට සාධනීය විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි. ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදට දින 16 කි. මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ ඊට ගුරු විදුහල්පති වෘත්තිය සමිති 30 ක සාමාජිකයින් එක්ව සිටින බවයි.