කොළඹ වරායේ තවත් චීන - ශ්‍රී ලංකා ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය..

by Staff writer 27-07-2021 | 10:31 PM

COLOMBO (News 1st) - කොළඹ වරායේ එස්.ඒ.ජී.ටී, සී.අයි.සී.ටී හා නැගෙනහිර පර්යන්තයට යාබදව ඇති හෙක්ටයාර 5.3 කට ආසන්න ඉඩම වරායේ සේවා සැපයුම් මධ්‍යස්ථානයක් සඳහා ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

චීනයට වැඩි කොටස් හිමිකාරිත්වයක් ඇති සී.අයි.සී.ටී. සමාගමේ ආයෝජන යෝජනාවක් අනුව ඒකාබද්ධ හවුල් ව්‍යාපෘතියක් ලෙස එය ක්‍රියාත්මක කිරීමට යෝජිතයි. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා,
මේ ආයෝජනය වෙනුවෙන් ඩොලර් මිලියන 200ක පමණ ආයෝජනයක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ ආයෝජනය කරන්න කැබිනට් මණ්ඩලය අනුමැතියක් දීලා තියෙනවා. රාජ්‍ය පෞද්ගලික අංශයේ එකමුතුවක් එක්ක. මෙය විශාල ඉදිරි පිම්මක් හැටියට ශත්මත් වෙනවා කියන එකයි මගේ විස්වාසය.