COLOMBO (News 1st) - චීන රජයේ පරිත්‍යාගයක් ලෙස තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16ක් අද(27) අලුයම මෙරටට ළඟා විය.
ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානා දෙකකින් රැගෙන ආ සයිනෝෆාම් එන්නත් තොගය අද අලුයම 5.30 ට පමණ කටුනායක ගුවන්තොටුපොළට ළඟා විය.
මෙය චීන රජය එක් වරකදී ප්‍රධානයක් ලෙස ලබාදුන් වැඩිම කොවිඩ් මර්දන එන්නත් තොගයයි.
ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්ග් හොන්ග්,
එන්නත් කිරීමේ වේගය අනුව ශ්‍රී ලංකාව ලොව ඉදිරියෙන්ම සිටින අතර එන්නත්වලින් 75% කට වඩා වැඩි ප්‍රමාණයක් සයිනෝෆාම් වීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා. මෙම එන්නත් භාවිතය ශ්‍රී ලංකා ජනතාවට ශක්තියක් වන අතර එන්නත්කරණ ක්‍රියාවලිය ආර්ථික පුනර්ජීවනයටත් රුකුලක් වේ
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි,
අපි විශ්වාස කරනවා ඉතාම ඉක්මණින් මේ රටේ ජනතාවට මේ එන්නත් ලබා දීලා මරණ සංඛ්‍යාව රටේ ඉතාම අඩු අගයකට ගේන්න. සෞඛ්‍ය අමාත්‍යාංශයත් එන්නත්කරණය ඉතාම සීඝ්‍රයෙන් කරගෙන යනවා. ඒ නිසා ඔබේ දෙමාපියන් වැඩිහිටියන් මේ එන්නත්කරණයට යොමු කරන්න. එතකොට මේ රටේ ජනතාව මේ ලෙඩෙන් මැරෙන ප්‍රමාණය අපිට අඩු කරගන්න පුළුවන්.
අද ලැබුණු සයිනෝෆාම් එන්නත් තොගය ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්ග් හොන්ග් මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී නිල වශයෙන් භාර දුන්නේ ය.
ජනාධිපති කාර්යාලය සඳහන් කළේ, මෙම එන්නත් තොගය උතුරු, නැගෙනහිර පළාත්වල වයස අවුරුදු 30 ට වැඩි ජනතාවට ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදුන් බවය.
අගෝස්තු මාසය අවසන් වනවිට වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත ලබාදී අවසන් කිරීමට හැකි වෙතැයි මෙහිදී පෙන්වා දී ඇති ජනාධිපතිවරයා සංචාරක කටයුතු සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කළ හැකි වෙතැයි ද පවසා තිබේ.
රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා,
සමස්තය හැටියට එන්නත් මාත්‍රා ලක්ෂ 138ක් අපේ රටට ලැබිලා තියෙනවා. ඇස්ට්‍රාසෙනෙකා, ස්පුට්නික්, ෆයිසර්, මොඩර්නා, සිනෝෆාම් ලෙස වර්ග 05 ක් ලැබිලා තියෙනවා. මූලික වශයෙන් ගෙනල්ලා තියෙන්නේ සිනෝෆාම් එන්නත්. අද ලැබුණු මාත්‍රා ලක්ෂ 16 ත් එක්ක මාත්‍රා ලක්ෂ 107 ක් බවට පත් වෙනවා. සිනෝෆාම් එන්නත් අපිට සති පතා ලැබෙනවා. අගෝස්තු මාසේය්දී අපි මිලියන 10 ක් පමණ බලාපොරොත්තු වෙනවා සිනෝෆාම් එන්නත්. ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ජපානයේ සිට පරිත්‍යගයක් ලෙස ලැබෙනවා ස්පුට්නික් එන්නත ලබා ගත්තු මහනුවර දිස්ත්‍රික්කයේ ජනතානව දෙවැනි මාත්‍රාව අපේක්ෂාවෙන් ඉන්නවා අපි ඒ රුසියානු සමාගමට දැනුම් දීලා තියෙනවා හැකි ඉක්මණින් අපිට එම මාත්‍රා ප්‍රමාණය ලබා දෙන්න කියාලා. ෆයිසර් එන්නතත් දිගටම ලබා දෙන්න එම සමාගම ඉදිරිපත් වෙලා ඉන්නවා. එන්නත් ලැබීමේ ප්‍රමාදයටක් හෝ හිඟයක් නෑ.
මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් ප්‍රමාණය ඊයේ(26) ලබා දී තිබේ.
ඊයේ එන්නත ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 437,878 කි.
අදත් දිවයිනේ දිස්ත්‍රික්ක රැසක මධ්‍යස්ථාන 223 කදී කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ක්‍රියාවලිය සිදුවිය.