අමෙරිකානු හමුදාව ඉරාකයෙන් ඉවත් කරගැනීමේ සූදානමක්

ඉරාකයෙන් අමෙරිකානු හමුදා ඉවත් කරගන්නා බව ජනපති බයිඩ්න් කියයි

by Staff writer 27-07-2021 | 8:25 AM

COLOMBO (News1st) :  මෙම වසර අවසන් වන විට ඉරාකයෙන් අමෙරිකානු හමුදා ඉවත් කරගන්නා බව ජනපති ජෝ බයිඩ්න් පවසයි.

ඒ ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කදීමි හා අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් අතර ධවල මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. මේ වන විට ඉරාකයේ රැඳී සිටින අමෙරිකානු හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 2500 කට ආසන්න ය. අමෙරිකානු හමුදා එරට රැඳී සිටීමේ ප්‍රධාන අරමුණ වූයේ ඉරාක රජයේ හමුදාවට පුහුණුව හා උපදෙස් ලබාදීම මෙන්ම ISIS සටන්කාමීන්ට එරෙහිව සටන් වැදීමයි. ඉකුත් වසරේදී අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඉරාකයේ බැග්ඩෑඩ් නුවරදී ඉරාන හමුදාවේ හිටපු නායකයෙකු වූ කසීම් සොලෙයිමානිගේ ඝාතනය වීමත් සමග අමෙරිකානු හමුදා ඉරාකයේ තවදුරටත් රැඳී සිටීම සම්බන්ධයෙක් දැඩි විවේචන එල්ල විය.