ළමුන් මෙහෙකාර සේවයට යොදා ගන්නා ස්ථාන සොයා අද සිට පොලිස් මෙහෙයුම්

ළමුන් මෙහෙකාර සේවයට යොදා ගන්නා ස්ථාන සොයා අද සිට පොලිස් මෙහෙයුම්

ළමුන් මෙහෙකාර සේවයට යොදා ගන්නා ස්ථාන සොයා අද සිට පොලිස් මෙහෙයුම්

කර්තෘ Staff writer

27 Jul, 2021 | 8:32 am

COLOMBO (News1st) :  ළමයින් මෙහෙකාර සේවයේ යොදා ගන්නා ස්ථාන සොයා අද (27) සිට මෙහෙයුම් ආරම්භ කිරීමට පොලිසිය තීරණය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ කොළඹ නගරය හා බස්නාහිර පළාත තුළ අද දිනයේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.

ළමයින් මෙහෙකාර සේවයට රැගෙන එන තැරව්කරුවන්ට ද මෙහිදී නීතිය ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]