මියගිය දැරිය භූමදානය කළ ස්ථානයට පොලිස් ආරක්ෂාව

රිෂාඩ්ගේ නිවසේදී මියගිය දැරියගේ දේහය භූමදානය කළ සුසාන භූමියට පොලිස් ආරක්ෂාව

by Staff writer 27-07-2021 | 3:53 PM

COLOMBO (News1st) :  හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේදී පිළිස්සුම් තුවාල ලබා මියගිය 16 හැවිරිදි දැරියගේ දේහය භූමදානය කළ ඩයගම සුසාන භූමියට ඊයේ සිට පොලිස් ආරක්ෂාව යොදා තිබේ.

ඒ ඇයගේ සිරුර ගොඩගෙන යළි පශ්චාත් මරණ පරික්ෂණයක් පැවැත්වීමට පොලීසිය කළ ඉල්ලීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසුරිය මහත්මිය ඊයේ අවසර ලබාදීමත් සමගයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ, බිරිදගේ පියා, සහෝදරයා සහ තැරව්කරුවෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටිති.