COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද(26) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.
පැය 02කට වැඩි කාලයක් පැවති මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨයින් එක්ව සිටියහ.
සන්ධානයක් ලෙස ක්‍රියා කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුහුණ දී ඇති ගැටලු කිහිපයක් පිළිබඳ එහිදී සාකච්ඡා කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති, අමාත්‍ය මහින්ද අමරවීර මහතා,
විශේෂයෙන්ම පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ අපේ තිබුණු ප්‍රශ්නය පිළිබඳව අපි කතා කළා. ඒ අයට සිදුවන අසාධාරණය පිළිබඳව. අපේ සංවිධායකවරුන්ගේ ප්‍රශ්නය. ඒ වගේම රටේ තියෙන අනිත් ප්‍රශ්න අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ ගැටලු පිළිබඳව ඒ වගේම පොහොර ගැටලුව පිළිබඳව විධිමත් කිරීමට අපේ තියෙන යෝජනා ආර්ථිකය සකස් කරන්න අපේ තියෙන යෝජනා පිළිබඳව බොහෝ කරුණු අපි ජනාධිපතිතුමා එක්ක සාකච්ජා කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා,
අපිට පැයක කාලයක් දීලා තිබුණේ හැබැයි පැය දෙක හමාරක කාල වකවානුවක් අපි සාකච්ඡා කරා. ඇත්ත වශයෙන්ම ආණ්ඩුකරණයට සම්බන්ධ කර නොගැනීම ප්‍රශ්නය එතුමාට ඉතාම පැහැදිලිව අපි පැහැදිලි කරලා දුන්නා එතුමා ඒක ඉතාම හොඳින් ග්‍රහණය කර ගත්තා. මං හිතන්නේ එතුමා දිගින් දිගටම අපි කරපු ප්‍රකාශවල එතුමාගේ වගකීම එතුමා භාර ගත්තා. ඒ අනුව යම් වැඩපිළිවළක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. ස්ථීරසාර වැඩපිළිවළක් පල්ලෙහා ඉන්න අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, කොට්ඨාස සංවිධායකවරුන්, සංවිධායකවරුන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් කෝමද මේකට සම්බන්ධ කර ගන්නේ කියන කාරණය ඉදිරියට ගෙනියන්න.
ප්‍රශ්නය,
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇමති තනතුරු සම්බන්ධව මොනවගේ තත්ත්වයක් ද?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා,
නෑ කිසිම දෙයක් අපි ඒ ගැන කතා කළේ නෑ. මොකද අපිට වැදගත් වෙන්නේ තනතුරු ලබා ගැනීම නෙමෙයි පළවෙනියෙන්ම වැදගත් වෙන්නේ පක්ෂය තවදුරටත් ශක්තිමත් කර ගැනීම.
ප්‍රශ්නය,
ආණ්ඩුවෙන් යන්න එහෙම..
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා,
නෑ ඒහෙම බලාපොරොත්තුවක් නෑ. හදපු ආණ්ඩුව පළවෙනියෙන් ආරක්ෂා කර ගන්න ඕනේ. ඒ වගේම ආණ්ඩුවට විරුද්ධව තියෙන ප්‍රශ්න පිළිබඳවත් අපි එතුමත් එක්ක කතා කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා,
විශේෂයෙන්ම අපි එතුමාගෙන් ඉල්ලා සිටියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේ ක්‍රියාවලිය යම් හෙයකින් පමා වෙන්නේ නම් අඩු තරමේ ඉතා ඉක්මණින් මේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ ක්‍රියාවලියට එළඹෙන්න කියලා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා,
සමහර වෘත්තීය සමිතිවලට ආයතන ප්‍රධානීන්ගෙන් ඒ ඇතිවන ආඩුපාඩුකම් පිළිබඳව අපි සාකච්ඡා කරලා ඒ වගේම වෘත්තීය සමිති සඳහාත් සාකච්ඡාවක් ලබා දෙන ලෙස අපි ඉල්ලීමක් කළා