සරසවි සඳහා අයැදුම් කරන්න යළි අවස්ථාව..

සරසවි සඳහා අයැදුම් කිරීමේ අවස්ථාව යළි අද සිට..

by Staff writer 26-07-2021 | 7:52 AM

COLOMBO (News 1st): 2020 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා අයැදුම් කිරීමේ අවස්ථාව අද(26) සිට යළිත් ලබා දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, සංචරණ සීමා පැවති කාල සීමාව තුළ ඇතැම් සිසුන්ට විශ්වවිද්‍යාල සඳහා අයැදුම් කිරීමට නොහැකිවීම හේතුවෙන් එම තීරණය ගත් බවය. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම් කිරීමට දී තිබූ කාලය පසුගිය ජුනි මස 18 වැනිදායින් අවසන් විය . අදාල කාලය තුළ අයැදුම්පත් යොමුකරන සිසුන්හට නැවතත් සිය විශ්වවිද්‍යාල හෝ පාඨමාලා අනුපිළිවෙළ වෙනස් කිරීමට අවශ්‍යනම් ඒ සඳහාත් යළි සති දෙකක කාලයක් ලබා දෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ය