පළමු T20 තරගයේ ජය ඉන්දියාවට

ශ්‍රී ලංකාවට එරෙහි පළමු T20 තරගයේ ජය ඉන්දියාවට

by Staff writer 26-07-2021 | 7:00 AM

COLOMBO (News 1st): ශ්‍රී ලංකාවට එරෙහි පළමු 20/20 ක්‍රිකට් තරගයෙන් ඉන්දියාව ලකුණු 38ක ජයක් වාර්තා ක⁣ළේය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව, නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 164ක් ලබා ගැනීමට ඉන්දියාව සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 3ක් අවසානයේදී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 126ක් පමණි. තරගයේ කෙටි ලකුණු පුවරුව මෙසේය..