ලාෆ් ගෑස් හිඟයක් ආවොත් මුහුණදෙන්න සූදානම්

ලාෆ් ගෑස් හිඟයක් ආවොත් මුහුණදෙන්න සූදානම් - ලිට්‍රෝ සමාගමේ නව සභාපති කියයි

by Staff writer 26-07-2021 | 10:09 PM

COLOMBO ( News 1st) - ලිට්‍රෝ සමාගමේ නව සභාපති තෙෂර ජයසිංහ මහතා අද (26) වැඩ භාර ගත්තේය.

ආගමික වතාවත්වලින් පසුව වැඩ භාරගත් නව සභාපතිවරයා ගෑස් මිල පිළිබඳව මාධ්‍යයට අදහස් පළ කළේ ය. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂර ජයසිංහ මහතා,
ඊයේ ඉෂු වුණා ගැසට් එකක් මිල සංශෝධනය කරලා ඒ අනුව අද ඉදලා 1150 කට ඒ ලීටර් 18 සිලින්ඩරය ලැබෙනවා. අපේ කස්ටමස්ලාගේ ෆීඩ් බැක් එක අපි බොහොම පොසිටිව් ගන්නවා ඒ නිසා මම දීපු පළවෙනි නියෝගය තමයි මේ ප්‍රඩක්ට් එක ඉවර වුණාම නැවත නිෂ්පාදනය කරන්න එපා කියලා. සියයට 20 ක් තමයි ලාෆ් ගෑස් සමාගම සතුව තියෙන්නේ ඒ සියයට 20 ට අවශ්‍ය නම් ඒ කස්ටර්මස්ලාට දෙන්න ඕනේ කරන සංචිත අපිගාව මේ වනවිට තියෙනවා. ලාෆ් ගෑස් සමාගම යම් හෙයකින් ගෑස් සැපයීම නැවැත්තුවොත් අගතියට පත්වෙන ලංකාවේ පරිභෝගිකයන් වෙනුවෙන් එකට අදාළ නියාමනයන අධිකාරිය හා රජය විසින් එය කළ යුතුයි.