නිලූකට ඔලිම්පික් ඉදිරි වටය අහිමි වෙයි

නිලූක කරුණාරත්නට ඔලිම්පික් ඉදිරි වටය අහිමි වෙයි

by Staff writer 26-07-2021 | 6:26 PM

COLOMBO (News 1st) - නිලූක කරුණාරත්න අද(26) ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී බැඩ්මින්ටන් කේවල ඉසව්වේ, ඔහු සහභාගී වූ දෙවැනි තරගයෙන් ද පරාජයට පත්විය.

ඔහු හමුවේ, අයර්ලන්තයේ නට් ගුයෙන් ජය වාර්තා කළේ, ලකුණු 21-16 හා 21-14 ක් ලෙසය. 21 හැවිරිදි නට් ගුයෙන් ලෝක ශ්‍රේණිගත කිරිම්හී 56 වැනි ස්ථානයේ පසුවේ. නිලූක පසුවන්නේ 115 වැනි ස්ථානයේය. නිලූක මූලික වටයේ දී F කාණ්ඩයෙන් තරග කළ අතර, ඔහු ඊයේ චීන තායිපේ ක්‍රීඩක වේ වෑංග් හමුවේ පරාජය විය. 2012 ලන්ඩන් හා 2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල වලටද සහභාගී වූ නිලූක මෙවර සහභාගී වූයේ සිය 03 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලටයි.