නිරෝධායන නීති කඩ කළ 151 දෙනෙකු අත්අඩංගුවට

නිරෝධායන නීති කඩ කළ 151 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 26-07-2021 | 9:07 AM

COLOMBO (News1st) : නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 151 දෙනෙකු ගතවූ පැය 24 ක කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, නිරෝධායන නීති කඩ කරන්නන් සොයා අද සිට මෙහෙයුම් දැඩි කර ඇති බවයි. පළාත් සංචරණ සීමා එලෙසම ක්‍රියාත්මක අතර බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුළු වන ස්ථාන 14 කදී පරික්ෂා කිරීම් තවදුරටත් සිදුකරනු ඇති. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීමේදී නිරෝධායන නීති අනුගමනය කරන ලෙසයි.