කාසියේ වාසියෙන් තේරුණු සභාපති

තංගල්ල නගර සභාවේ සභාපති තෝරා ගැනීම කාසියේ වාසියෙන්..

by Staff writer 26-07-2021 | 10:32 PM

COLOMBO (News 1st) - තංගල්ල නගර සභාවේ නව සභාපතිවරයා කාසියේ වාසියෙන් පත් කර ගැනීමට අද සිදුවිය.

ඊට හේතු වූයේ ඉදිරිපත් වූ අපේක්ෂකයින් දෙදෙනා සම ඡන්ද ලබා ගැනීමයි. එක්සත් ජාතික පක්ෂයට බලය හිමිව තිබූ තංගල්ල නගර සභාවේ හිටපු සභාපති රවිදු වෙදආරච්චි මහතා සමගි ජන බලවේගයට සහය දීම හේතුවෙන් පක්ෂයෙන් හා සභාපති තනතුරින් ඉවත් කෙරිණි. නව සභාපතිවරයකු පත් කර ගැනීමට අදාළ ඡන්ද විමසීම අද පැවැත්වුණේ දකුණු පළාතේ පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරු මහතාගේ ප්‍රධානත්වයෙනි. සභාපති තනතුරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හා එක්සත් ජාතික අපේක්ෂකයින් දෙදෙනකු ඉදිරිපත් වී සිටි අතර රහස් ඡන්දයෙන් ඔවුන් දෙදෙනාටම හිමිව තිබුණේ ඡන්ද 8 බැගිනි. ඒ අනුව නව සභාපතිවරයා තොරා ගැනීමට කාසියේ වාසිය උරගා බැලීමට සිදුවිය. කාසියේ වාසියෙන් නව සභාපතිවරයා ලෙස පත්වූයේ පොදුජන පෙරමුණේ ඩබ්ලිව්.පී ආරියදාස මහතායි.