ටියුනීසියානු ජනපති අගමැති ධුරයෙන් නෙරපයි

ටියුනීසියානු ජනපති අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් නෙරපා හරී

by Staff writer 26-07-2021 | 3:20 PM

COLOMBO (News1st) :  ටියුනීසියානු ජනපතිවරයා විසින් එරට අගමැතිවරයා නෙරපීමට හා පාර්ලිමේන්තුව අත්හිටුවීමට කටයුතු කර තිබේ.

ඒ කොවිඩ් වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ රජය නිසි පියවර  ගෙන නැතැයි, පවසමින් ජනතාව දැවැන්ත විරෝධතා ආරම්භ කිරීම හේතුවෙනි. රටේ කළබලකාරී තත්වය පහව ගිය පසුව නව අගමැතිවරයෙකු පත් කිරීමට බලාපොරොත්තු වන බව ටියුනිසියානු ජනපතිවරයා සඳහන් කළේ ය. කෙසේ වෙතත් ජනපතිවරයාගේ එම තීන්දුව ඇතැම් පාර්ශව හඳුන්වනු ලැබුවේ කුමන්ත්‍රණයක් ලෙසයි. විරෝධතා පාලනයට ටියුනීසියානු පොලීසිය කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති අතර පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් වාර්තා අනාවරණය කළේ ය.