ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 26-07-2021 | 6:21 AM
දේශීය පුවත් 1. කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර්.රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වෙයි : සිරස , ශක්ති මාධ්‍ය ජාලය හිමි කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර්. රාජමහේන්ද්‍රන් මහතා ඊයේ (25) අභාවප්‍රාප්ත විය. 2. ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් සඳහා දිස්ත්‍රික්ක අනුව පාලන මිලක් නියම කරමින් අතිවිශේෂගැසට් නිවේදනයක්.. – කිලෝග්‍රෑම් 9.6 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් සඳහා දිස්ත්‍රික්ක අනුව පාලන මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 3. දරුවෝ වෙනුවෙන් කරපු වැඩසටහන දිගටම කරගෙන යන්න – අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් – ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විසඳීමට ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා හොරණදී අදහස් පළ කර තිබේ. 4. මෙරට කොවිඩ් රෝගීන්ගේ කැපී පෙනෙන වර්ධනයක් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි – මෙරට කොවිඩ් රෝගීන්ගේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.. 5. ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත මිලියන 200ට වැඩි සංඛ්‍යාවක් ඉදිරි සති කිහිපය තුළ ලොව පුරා වාර්තා විය හැකියි – WHO – ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදිතයින්, මිලියන 200කට වැඩි සංඛ්‍යාවක් ඉදිරි සති කිහිපය තුළ ලොව පුරා වාර්තා විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) පවසයි. 6. 16 හැවිරිදි දැරියක මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් 30 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගනී.. – මෙහෙකාර සේවයේ යොදවා සිටි 16 හැවිරිදි දැරියක් පිලිස්සුම් තුවාල සහිතව මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන්, මේ වනවිට පුද්ගලයින් 30 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලීසිය පවසයි.