by Staff writer 26-07-2021 | 9:14 PM
COLOMBO (News 1st) - කේරළ ගංජා කිලෝගෑම් 217 කට ආසන්න තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් යාපනය, කන්කසන්තුරයට උතුරු මුහුදු ප්‍රදේශයේ දී නාවික හමුදා භාරයට ගෙන තිබේ.
නාවික හමුදාව සඳහන් කළේ, සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් පසුව ඔවුන් අත්අඩංගුවට ගත් බවය.
ඩිංගි යාත්‍රාවක් තුළ ගෝනි උර 06ක පාර්සල් වශයෙන් අසුරන ලද කේරල ගංජා සහ වියළි කහ කිලෝ 19ක පමණ ප්‍රමාණයක් සමග ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන තිබේ.
සැකකරුවන්, කේරළ ගංජා තොගය, වියළි කහ සහ ඩිංගි යාත්‍රාව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කන්කසන්තුරය පොලීසිය වෙත භාරදුන් බව නාවික හමුදාව සඳහන් කළේය.