ව්‍යාජ ලිපි ලේඛන සකස් කරන ස්ථානයක් වටලයි

කිරිබත්ගොඩ ව්‍යාජ ලිපි ලේඛන සකස් කරන ස්ථානයක් වටලයි

by Staff writer 26-07-2021 | 2:56 PM

COLOMBO (News1st) :  කිරිබත්ගොඩ, වේවැල්දූව ප්‍රදේශයේ ව්‍යාජ ලිපි ලේඛන සකස් කරන ස්ථානයක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, එහි තිබී ව්‍යාජ ලෙස සකස් කළ හැඳුනුම්පත්, රියදුරු බලපත්‍රයක් ඇතුළු උපකරණ රැසක් සොයාගත් බවයි. එම ස්ථානයේ විවිධ ආකාරයේ ලිපි ලේඛන සකස් කර ඇතැයි, විමර්ශනවලදී හෙළි වී තිබේ. මේ සම්බබන්ධයෙන්  66 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු  අද මහර අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.