.webp)
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණාට පස්සේ එදා ගොවියාට රුපියල් 25 යි වී කිලෝ එකට ලැබුණේ. අද ගොවියගේ වී කිලෝ එකට රුපියල් 55 ක් ලැබෙනවා. පොහොර සහනාධාරයත් එක්ක. කවුරු හරි වී මිලදී ගන්නේ නැත්නම් ආණ්ඩුව 50, 51, 52, 55 වී මිලදී ගන්න ලෑස්තියි. අපි දැන් වී මෝල් හිමියන් එක්ක මිල සඳහා එකඟතාවයකට අවා. ලබන සතියේ හාල්මිල සඳහා ගිවිසුමක් අත්සන් කරනවා. එතකොට වී මිල 50,51,52,55 යි. හාලුත් අපි නාඩු රුපියල් 100 න් අඩුව තියාගෙන මිල අපි අවසන් එකඟතාවකට එනවා. අද නාඩු කිලෝ එක රුපියල් 120යි. සම්බා කිලෝ එක රුපියල් 150 යි. අද කීරි සම්බා රුපියල් 225 යි. අපි ලබන සතියේ මේ සියල්ල රුපියල් 75 කින් 50 කට වැඩිය අපි අඩු කරනවා. කෘෂිකර්ම ඇමතිට වී මිල තීරණය කරන්න බැරිනම් පාරිභෝගික ඇමතිට හාල් මිල තීන්දු කරන්න බැරිනම් ඒක කරන්නේ වෙන දෙන්නෙක් නම් අපි මේ ඇමතිකම් කරලා වැඩක් නැහැ. ඒගොල්ලන්නට කරන්න කියලා අපි ගෙදර ඉන්නවා. වැඩක් නැහැනේ. එහෙමනම් වී මෝල් හිමියෝ ටිකට කියනවා අපි කෘෂිකර්ම ඇමති වෙන්න කියලා. හාල් විකුණන කට්ටියට කියනවා වෙළෙඳ පාරිභෝගික ඇමති වෙන්න කියලා. මිල තීන්දු කරන්නේ ආණ්ඩුව