තද සුළං,රළු මුහුද ගැන අවවාදාත්මක නිවේදනයක්

ධීවරයින්ට සහ නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීම්

by Staff writer 25-07-2021 | 4:39 PM

COLOMBO (News 1st) – මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමිටර් 60 පමණ දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ , හෙට(26) පස්වරු 2.30 තෙක් එය වලංගු බවයි. ඒ අනුව ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි ය. දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශද රළු විය හැකි අතර ධීවර හා නාවුක ප්‍රජාව මේ පිළිබදව ඉතා අවදානයෙන් කටයුතු කරන්නැයි කාලගුණ අනාවැකියේ සඳහන් ය.