.webp)
දැනට තියෙන නිශ්චිත යෝජනාව කැබිනට් මණ්ඩලයට හෙට ඉදිරිපත් කරනවා ඉදිරිපත් කරලා ගරු ඇමතිතුමා මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ගිය සිකුරාදා පැවැත්වෙච්ච උද්ඝෝෂණයේදී ඒ උද්ඝෝෂකයින්ට පොරොන්දු වුණා. ඒ කැබිනට් මණ්ඩලට සාකච්ඡා කරාට පස්සේ මොනවගේ ප්‍රතිඵලයක්ද ලැබෙන්නේ කියන එක අඟහරුවාදා දිනේට ඒ අයත් එක්ක කතා කරනවයි කියන එක. ඒ නිසා මට කියන්න වෙන්නෙ අධ්‍යපන අමාත්‍යාංශයේ ලේකම් විදිහිට යම් කිසි සාදනීය විසඳුමක් පිළිගන්න පුළුවන් හෝ නැතුවා මේ රටේ ඉන්න ඉතාමත් ස්වේච්චාවෙන් ඔන්ලයින් වැඩ කටයුතු කරන මෙච්චරකල් දරුවෝ වෙනුවෙන් අපි කරපු වැඩ සටහන අඛණ්ඩව දිගටම කරගෙන යන්න කියන ආයාචනාව මගෙ තියෙන්නේ. සියලුම මෑණිවරුන්ගෙන් පියවරුන්ගෙන් විදුහල්පතිවරුන්ගෙන් සමස්ත අධ්‍යන කාර්යය මණ්ඩලයෙන් මං ආයාචනා කරනවා මේ වෙලාවේ රටේ තත්ත්වය බලලා මේ විසඳුම දිහා බලලා මේ විසඳුමට එකඟ වෙන්නේ නැත්තන් සාකච්ඡා මාර්ගයෙන් කතා කරලා අපි මේක විසඳගමු.