දරුවන් යොදා ගත නොහැකි රැකියා ගණන 76 දක්වා ඉහළට

දරුවන් මෙහෙකාර සේවයට යොදා ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට දිවයින පුරා විශේෂ වැටලීම්

by Staff writer 25-07-2021 | 8:06 AM

COLOMBO (News 1st) - දරුවන් යොදා ගත නොහැකි ආනාරක්ෂිත රැකියා සංඛ්‍යාව 76 දක්වා ඉහළ නංවා ඇතැයි , ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

එහි සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සඳහන් කළේ, එය තවත් මාස 02 ක් තුළ නීතියක් බවට පත් කිරීමට අපේක්ෂා කරන බවය. මේ අතර, මාස 06 ක් තුළ ළමයින්ට එරෙහි ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 4,740ක් ලැබී ඇතැයි, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. එහි සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සඳහන් කළේ, ළමුන්ට එරෙහි කෲරත්වය පසුගිය මාසයේදී ඉහළ ගොස් ඇති බවය. මේ අතර, දරුවන් මෙහෙකාර සේවයට යොදා ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට දිවයින පුරා විශේෂ වැටලීම් ක්‍රියාත්මක කරන බව, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ප්‍රකාශ කළේය.