ශ්‍රී ලංකා – ඉන්දියා පළමු T20 තරගය ආරම්භයට පෙර අභාවප්‍රාප්ත ආර්. රාජමහේන්ද්‍රන් මහතා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක්..

කර්තෘ Chathuranga Rajapaksha

25 Jul, 2021 | 11:13 pm

COLOMBO (News 1st): ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු 20යි 20 තරගය ආරම්භ කිරීමට පෙර අභාවප්‍රාප්ත කැපිටල් මහරාජා සමූහයේ සභාපති රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මහතාගේ ගුණ සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවක් පවත්වා තිබේ.

තරගය කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාවට, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ටෙස්ට් වරම් දිනා දීම සඳහා විශිෂ්ට සේවයක් ඉටු කරමින් ඊට නායකත්වය ලබා දුන් දැවැන්ත පුද්ගලයා ලෙස රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මහතා හැඳින්විය හැකිය.

කැපිටල් මහරාජා සමූහයේ සභාපති රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වූයේ අද(25) පෙරවරුවේදීය.

කොළඹ, පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වනවිට සභාපතිතුමාගේ වයස අවුරුදු 78කි.

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]