මිල්කාට 28 වැනි ස්ථානය

ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගෙහානිට මූලික වටයේදී 28 වැනි ස්ථානය

by Staff writer 25-07-2021 | 2:35 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගෙහානි අද(25) ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග බිමට පිවිසියේය.

ඒ, කාන්තා කලාත්මක ජිම්නාස්ටික් සුදුසුකම් ලබා ගැනීමේ තරග ඉසව්ව සඳහායි. ඇයට එහිදී 28 වැනි ස්ථානය හිමි වූවාය. ඒ, ලකුණු 45.798 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි.