යළි කොරෝනා මර්දන නිතී දැඩි කිරීමේ අවදානමක්..

යළිත් කොරෝනා මර්දන නිතී දැඩි කිරීමට සිදුවෙයි? - සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවයි

by Staff writer 24-07-2021 | 11:40 AM

COLOMBO (News 1st) – දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම සැලකිල්ලට ගෙන, යළිත් කොරෝනා මර්දන නිතී දැඩි කිරීමට සිදුවනු ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, පැතිර යන ඩෙල්ටා වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන්, දැඩිව අවදානයට ගෙන සෞඛ්‍ය උපදෙස් මත සියලු දෙනා ක්‍රියාත්මක විය යුතු බවය. මේ අතර, දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් ඉහළ යාම හමුවේ, රෝහල්වල ධාරිතාව උපරිම මට්ටමට ළඟා වීමේ අවදානමක් ඉදිරියේදී ඇතිවිය හැකි බව, කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.