මහ වැසි නිසා ඉන්දියාවේ 112ක් මරුට..

මහ වැසි නිසා ඉන්දියාවේ 112ක් මරුට..

by Staff writer 24-07-2021 | 2:16 PM

COLOMBO (News 1st) –  අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ පුද්ගලයින් 112 දෙනෙකු මියගොස් තිබේ.

ඉන්දීය බලධාරීන් සඳහන් කළේ, ධාරානිපාත මෝසම් වැසි සමග ඇතිවූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවය. මහාරාෂ්ට ප්‍රාන්තයේ ඊයේ දිනයේ සිදුවූ නායයෑමෙන් පුද්ගලයින් 59 දෙනෙකු මිය ගියේ ය. අධික වැසි හමුවේ ඉන්දියාවේ නිවාස දහසකට ආසන්න සංඛ්‍යාවකට හානි සිදුව ඇතැයි සඳහන් ය. පීඩාවට පත් පුද්ගලයින් 84,000ක් ද ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබේ. මේ අතර ගම්මාන හා නගර රැසක විදුලි බලය ඇණහිට ඇති අතර පානීය ජලය නොමැති වීමෙන් ජනතාව පීඩාවට පත්ව ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය. ගතවූ පැය 24 තුළදී ඉන්දියාවේ බටහිර වෙරළ තීරයට මිලිමීටර් 594 ක වර්ෂාපතනයක් ලැබී තිබේ. දිස්ත්‍රික්ක 6 ක් සඳහා ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කළේ ය.