පළාත් කිහිපයකට තද වැසි..

පළාත් කිහිපයකට තද වැසි.. - කාලගුණයෙන් අනාවැකි

by Staff writer 24-07-2021 | 8:18 AM

COLOMBO (News 1st) – බස්නාහිර, සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි ය.

නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවය. දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර් 40 - 50 දක්වා තරමක තද සුළං ඇති විය හැකි අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා වැඩිවිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් ක‌ළේ ය.