COLOMBO (News 1st) - දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර් 40-50 දක්වා තරමක තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය ක්ෂණිකව විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා වැඩි විය හැකි බවය.
ඒ පිළිබඳ විමසිලිමත්වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට දැනුම් දෙයි.