"ජපානය සෑමවිටම අප රටේ සැබෑ මිත්‍ර රාජ්‍යයක්" - ජපාන ක්‍රීඩා ඇමති හමුවේදී ඇමති නාමල් කියයි

by Staff writer 24-07-2021 | 7:13 PM

COLOMBO (News 1st) - ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ ජපාන අධ්‍යාපන, සංස්කෘතික, ක්‍රීඩා, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය කෞචි හගියුඩා මහතා අතර හමුවක් අද(24) සිදු විය.

ඒ, ජපානයේ ටෝකියෝ නුවරදීය. මෙම හමුව පිළිබඳ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබන නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පවසන්නේ, ජපානය සෑමවිටම අප රටේ සැබෑ මිත්‍ර රාජ්‍යයක් බවය. ක්‍රීඩා හා තරුණ කටයුතු මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේත් වඩා සවිමත් ද්විපාර්ශ්වික සබඳතා ගොඩනගා ගැනීමටත් දෙරට අතර මිත්‍ර සබඳතාවය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරුණු බව අමාත්‍යවරයා පැවසීය.