ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක 10ක්..

කොළඹ, මහනුවර ඇතුළු ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක 10ක්..

by Staff writer 24-07-2021 | 11:49 AM

COLOMBO (News 1st) – දිස්ත්‍රික්ක 10ක් ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය හිමාලි හේරත් මහත්මිය සඳහන් කළේ, කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර කුරුණෑගල , මාතර , රත්තපුර, කෑගල්ල, හම්බන්තොට , ගාල්ල ඇතුළු දිස්ත්‍රික්ක 10 ක එලෙස ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇති බවය. මදුරුවන් බෝවන ස්ථාන ලෙස පරිශ්‍ර පවත්වා ගෙන යෑමෙන් වළකින්නැයි ඇය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. වසරේ ගතවූ කාල සීමාව තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 10,000කට අධික ය. පුද්ගලයින් 07 දෙනෙකු ඩෙංගු වැළඳීමෙන් මියගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.