.webp)
එක කන්නයක් තුළ කෘෂි රසායන ද්‍රව්‍ය සහ කෘෂි රසායන පොහොර නවත්තලා කාබනික පොහොරවලට යෑමේ උත්සහය රට මහා සාගතයකට ඇද දැමීමක් බව මම මුලදිත් ප්‍රකාශ කළා. මේ අමනෝඥ ක්‍රියාව කරන්න එපා ජනාධිපතිතුමනි කියන එක එදත් මම කිව්ව. අපේ වීරෝධය හමුවේ ආණ්ඩුව අසරණ වෙලා දෑත් ඔසවලා යටත්වෙලා යළිත් වරක් මේ රටට කෘෂි රසායන ද්‍රව්‍ය සහ පොහොර ගෙන්නන්නට කටයුතු කරන බව අපිට පෙනී යනවා. රජයට මේ තීන්දුව ගන්න වීම ගැන මම සතුටු වෙනවා. හැබැයි රජයේ අහංකාර පෞර්වශකම සහ තිබෙන්නා වූ අත්තනොමතික තත්ත්වය යටතේ තමයි මේ රටට මේ විශාල විනාශය වෙන්නේ කෘෂිකර්ම අංශයෙන් නෙවෙයි මුළු රටේම ආර්ථිකයම සමස්තයක් හැටියට ගත්තාම අද බලවත් අගාදයකට වේගයකින් තල්ලු වෙමින් යන බව අපිට පෙනි යනවා.