ඇස්ට්‍රාසෙනෙකා දෙවෙනි මාත්‍රාව මේ මස අගදී..

ඇස්ට්‍රාසෙනෙකා දෙවෙනි මාත්‍රාව මේ මස අගදී - සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

by Staff writer 24-07-2021 | 8:06 AM

COLOMBO (News 1st) – සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු මෙරට කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම සහ මරණ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇතැයි කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය.

ඇය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, වහාම කොවිඩ් මර්දන එන්නත ලබා ගන්නා ලෙසය. එසේම ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින් ලක්ෂ 05 කට අධික පිරිසකට එහි දෙවන මාත්‍රාව මේ මස අගදී ලබා දීමට රජය සැලසුම් කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වැඩිදුටත් සඳහන් කළා ය.‍