චීනය අමෙරිකාවට පැනවූ සම්බාධකය..

අමෙරිකාවේ නිලධාරීන් සහ සංවිධාන කිහිපයකට චීනයෙන් සම්බාධක..

by Staff writer 24-07-2021 | 8:22 AM

COLOMBO (News 1st) – අමෙරිකාවේ පුද්ගලයින් කිහිපදෙනෙකුට සහ සංවිධාන කිහිපයකට චීනය සම්බාධක පනවා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ , අමෙරිකාව පසුගිය කාලයේ හොංකොං වෙත පැනවූ සම්බාධකවලට ප්‍රතිචාර වශයෙන් චීනය එම සම්බාධක පනවා ඇති බවයි. අමෙරිකානු හිටපු වාණිජ ලේකම් විල්බර් රොස්, ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු ඊට අයත් ය. එලෙස සම්බාධක පනවා ඇත්තේ අමෙරිකාවේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වෙන්ඩි ෂර්මන්, චීනයේ සංචාරය කිරීමට දින කිහිපයකට පෙර වීම විශේෂත්වයකි. චීනය සමග පිරිහෙන සබඳතා විසඳීම සඳහා නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරිය චීනයේ සංචාරය කිරීමට නියමිත බවට වාර්තා වෙයි. චීනයේ මෙම ක්‍රියාකාරිත්වය හේතුවෙන්, හොංකොංවල සිටින සිය ව්‍යාපාරික ප්‍රජාවට අමෙරිකාව අනතුරු අඟවා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.