අනිකා ගෆූර් කාල ගණනයේදී 32වැනි ස්ථානයට

අනිකා ගෆූර් මූලික වටයේ කාල ගණනයේදී 32වැනි ස්ථානයට

by Staff writer 24-07-2021 | 6:27 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ අනිකා ගෆූර්, මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ, කාන්තා මීටර් 100 සමනල ආර පිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරගයකට සහභාගී වෙමින්, දෙවැන්නා ලෙස තරග අවසන් කළාය.

ඒ සඳහා ඇයට ගත වූ කාලය මිනිත්තුවයි තත්පර 5 යි දශම 3 යි 3 කි. කාන්තා මීටර් 100 සමනල ආර පිහිනුම් ඉසව්ව සඳහා මූලික වටයේ තරග 5 ක් පැවැත්වුණු අතර එහිදී හොඳම කාල ගණනයන් වාර්තා කළ ක්‍රීඩිකාවන් 16 දෙනා පමණක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තාය. කාල ගණනය අනුව අනිකා ගෆූර්ට හිමි වූයේ 32 වැනි ස්ථානයයි.