සරසවි ප්‍රවේශයට අයැදුම් කිරීමට යළි අවස්ථාවක්..

සරසවි ප්‍රවේශයට අයැදුම් කිරීමට යළි අවස්ථාවක්..

by Staff writer 24-07-2021 | 7:54 AM

COLOMBO (News 1st) – 2020 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා අයැදුම් කිරීමේ අවස්ථාව ලබන සඳුදා සිට යළිත් ලබා දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ , සංචරණ සීමා පැවති කාල සීමාව තුළ ඇතැම් සිසුන්ට විශ්වවිද්‍යාල සඳහා අයැදුම් කිරීමට නොහැකි වීම හේතුවෙන් එම තීරණය ගත් බවයි. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම් කිරීමට දී තිබූ කාලය පසුගිය ජුනි මස 18 වැනිදායින් අවසන් විය. අයැදුම්පත් යොමු කරන සිසුන් ලබන සඳුදා එනම් ජූලි 26 වැනි දින සිට ජූලි 30 වැනි දින දක්වා කාලය තුළ ඔන්ලයින් ඔස්සේ අයැදුම් කළ යුතු බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ ය. අදාල කාලය තුළ අයැදුම්පත් යොමු කරන සිසුන්හට නැවතත් සිය විශ්වවිද්‍යාල හෝ පාඨමාලා අනුපිළිවෙළ වෙනස් කිරීමට අවශ්‍ය නම්, ඒ සඳහාත් යළි සති දෙකක කාලයක් ලබා දෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.